Sunday, November 11, 2012

ඉරා විසිකරපන් මට මැසූ මඟුල් ඇඳුම


ඉරා විසිකරපන් මට මැසූ මඟුල් ඇඳුම

___________________________




_______________________________

සිංහගිරියේ මහා කාශ්‍යප
ගලෙන් පැන සිය දිවි නසාගෙන




අප්සරාවෝ උගෙන් සමුගෙන
යහන හැරදා පහව ගිය සඳ
උන් තැනූ මහ මාළිඟා පත
මක් කරන්නද සමතලා මිස




යදම් පවුරින් රැක්ක නුඹ සැම
මටම ඇයි කළේ මෙවන් විපතක
අරුමයකි මට ඔබේ වියැකුම
උයන මාලක දෙ අත් එක් කළ
සිංහ මුඛයේ රාජ පෝරුව
හෙන ගසා සුනු විසුනු කළ සඳ




යන්න යන විට අප්සරාවිය
ගලෙන් පැන සිය පණ නසනු මිස
පුර කතුන් නැත වටිනේ කසුබුට
කුමට කම් සැප සරා සඳ නැත




කෙමෙන් ගෙවෙනා කාල යාමය
පසුව එන උන් ඇමිණු අකුරක
සිත්තරෙක් ඇඳි පවුරු සිත්තම
ගලෙන් පැන නැසූ ප්‍රථම ප්‍රේමය
අහෝ ! සිහිගිරි කසුබු දැන් නැත......



____ නුතන මානවයා ____
.2012 - 11 - 11

.3.38 pm




ලෙනින් නුඹ කොහිද ......??



____________________

සිතල සයිබීරියාව 
ආදරණිය පෙත්‍රෝගාදය
සාර් රජුගේ උණුසුම
යදම් බැඳ ලු නිදහස

පෙරටුගාමී මළගම
ධනේශ්වරයේ සාදය
නමසිය පහේ වෙඩිමුර
මෙන්ෂවික් වරු පහළට
ට්‍රොට්ස්කි යයි සිර ගෙට
ලෙනින් නුඹේ ඇස් තියුණුද

සාර් නුඹ දැන් ඇති මට
දිනය පහළව මාර්තුව
තාවකාලිකයි රජයම
මක් කරන්නද යුද්දය

මෙයයි කාලය නැගිටින
ලක්ෂ දහයක් වැඩ වර
එකම ගාලගෝට්ටියක් පිටස්බර්ගය ම
තියාපන් වෙඩි එක පිට
සියක් මරපන් අප සැම
සහෝදරයා
උඹ තියන්නේ උඹටම
තේරෙයි උඹට දිනයක

සමාජවාදයේ කළලය
විලි ඇම්ම මුළු රුසියාවට ම
ලෙනින් අමතයි ජාතිය
නැත කිසිදා සමාව
අත හැරිය හොත් මේ මොහොත

ඇසුණි ද විප්ලවයේ වෙඩි හඬ
අවුරෝරාවෙන් පිට කළ
වරෙව් සටනට ධනවත
එකෙක් මියගිය එකමත
දිනා අවසන නිදහස
නැත හැරෙන්නේ වෙනතක

සිතළ ඔක්තෝම්බරයේ විසිහතර
දිනය එය විය මිහි මත
විප්ලවයේ ජාතකය
නමුත් අප තවම හොයන
.
.
.
ලෙනින් නුඹ කොහිද ....

____නුතන මානවයා ____
2012-11.12


9.25 AM.